Wednesday, October 22, 2014




 සිරිත් මල්දම

Ø  යමක් නෙම ඇසු                      විට
උත්තර නොමදෙනු             පරහට
නු‍බෙන්  ඇසූ                      යමකට
දෙනුව උත්තර හොදින්   සිහිකොට

Ø ගුරැන් දෙගුරැන්                වත්
වඩිහිටි අන් කෙනෙකු       වත්
කතාවක්                 කලහොත්
නැගිට උත්තර දීම       යහපත්


Ø මවුපිය දෙදෙන                 වත්
තමන් ගුරැවරයන්              වත්
නුඹෙ වරද              ඇසුවොත්
නොසගවා  එය කියනු  යහපත්

Ø මවුපියෝ උතුමි             
අපගේ පෙර දෙවිවරැ      මය
අප රකිනුවෝ ම               
වදිමු මවුපිය දෙදන   මහිමය

Ø සියලු යස                      ඉසුරට
සරිලු නිසි මග පෙමි       කොට
බැබලූ                     පියරැවනට
සියලු තත්හිම වදිමු   සිහිකොට

Ø ගියත් ගමි                 රටවල
මහත් දුක් ඇත සිත්        තුල
වඩත් දරැ පෙම               බල
අපිත් අප පිය වදිමු හැම  කල

Ø සෙල්ලම් සිතින්                 වත්
යම් කිසි තරහකින්             වත්
මරණ සිතකින්                  වත්
සතුන් හට වද දීම නොහොබිත්

මහත් සෙත්                    වඩන
සිරිත් මල් දම               බලමින
සිරිත් හොද             දැනගෙන
මහත් යසසිරි ලබනු  දෙලොවින

පියාට ඉහලින් නොයිදින් කිසි     තැන
මවුහට ඉහලින් නොයිදින් කිසි    තැන
අයියට ඉහලින් නොයිදින් කිසි    තැන
අක්කට ඉහලින් නොයිදින් කිසි   තැන

දෙගුරැන්ට            හිරිහැර
නොකරන් කිසිත්   කරදර
පින් සිදු වෙයි          නිතර
කරන් ආදර ගුනය හැමවර

Wednesday, October 15, 2014


රුවන්වැලිසෑය හෙවත් රුවන්වැලි දාගැබ ශ්‍රී ලංකාවේ පිහිටා අති ශාරීරික චෛත්‍යයකි. මෙය අතීත මහා විහාරයට අයත්වූ ප්‍රධානතම දාගැබ විය. මෙම ස්ථූපය සොළොස්මස්ථාන(පූජනීය ස්ථාන දහසය) සහ අටමස්ථාන (අනුරාධපුරයේ පූජනීය ස්ථාන අටකි.)අතරින් එකකි.

අනුරාධපුර යුගය මුළුල්ලේම රජරට ප්‍රදේශය තුළ විශාල, එමෙන්ම සංකීර්ණ වාරිමාර්ග පද්ධතියක් බිහි විය. එකල ඉදි කරන ලද මහා ස්ථුපයන් වූ රුවන්වැලිසෑය, ජේතවණාරාමය මෙන්ම ලෝවාමහාපාය වැනි විශාල ගොඩනැගිලි මඟින් අනුරාධපුර යුගයේ තිබූ ගෘහ නිර්මාණ ශිල්පයේ දියුණුව මනාව පෙන්නුම් කරයි.